මත්ද්‍රව්‍ය ජාවාරාම් කරුවෙකු වූ වෙලේ සුදා විසින් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වාට මුදල් ලබා දුන් බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණ කළේ ය.
මේ අතර මන්ත්‍රී දුමින්ද සිල්වාට අයත් සියලුම බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝගකර තිබේ. වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග පැවැත් වූ බව කියන සබඳතාවලට අදාළ පරීක්ෂණ සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.
මීට අමතරව දුමින්ද සිල්වා මහතාට රටින් පිටවීම වළක්වමින් දී ඇති අධිකණ නියෝගය දීර්ඝ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මන්ත්‍රී දුමින්දගේ දේපළ රාජසන්තකයි?
කිසියම් පුද්ගලයෙකුගේ දේපළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇතැයි තහවුරු වුවහොත් එම දේපළ රාජසන්තක කළ හැකි බව පොලිසිය පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාගේ දේපළ ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇතැයි තහවුරුවුවහොත් එම දේපළ රාජසන්තක කළ හැකියි.
කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේසුදා සහ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා අතර සමීප සම්බන්ධතා පැවතිී ඇතැයි පොලිස් විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා. ඔවුන් දෙදෙනා අතර මුදල් ගනුදෙනු ද සිදුව තිබෙනව බවයි පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ.
පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාගේ සියලූම බැංකු ගිණුම් පරික්‍ෂා කරන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා.
ඒ අනුව මෙරට පිහිටි බැංකු සහ මූල්‍ය ආයතන 82ක ගිණුම් පරික්‍ෂා කිරීමට නියමිතයි. ඊට අමතරව ශ‍්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා වෙනත් රටවල පවත්වා ගෙන යන බැංකු ගිණුම් පිළිබඳව ද පරික්‍ෂා කරනු ඇති.
මේ අතර සමන්ත කුමාර නොහොත් වෙලේසුදාගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලින් පසු ඔහුට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේදී ඊයේ මාධ්‍යවේදීන් ඇමතුවේ අදාල මෝටර් රථය ද එම ස්ථානයේ ගාල්කර තිබියදියි.
මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මුදල් විශූද්ධිකරණයට අදාල වැරදි සම්බන්ධයෙන් ද සමන්ත කුමාර නොහොත් වෙලේසුදා චෝදනා ලැබ සිටිනවා. කිඹුලාඇලේ ගුණා නමැත්තෙකු සමග එක්ව ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකළ බවට ද ඔහු චෝදනාවට ලක්ව සිටින බවයි පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවේ. ඒ අනුව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහු තවදුටරටත් රඳවා ගෙන සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
Source By : Hotandfastnews
Friday, January 30, 2015
වෙලේ සුදා දුමින්දට මුදල් දුන් බව හෙලිවෙයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment