මත්තල ගුවන් තොටුපල තල වේලන්න දෙනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

මත්තල ගුවන් තොටුපල තල වේලන්න දෙනවා..

හම්බන්තොට මිනිසුන්ට තල වේලන්න මත්තල ගුවන් තොටුපොළේ පිට්ටනිය ලබා දෙන බව ජවිපෙ ඌව පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

‘අපි කිවුවා මත්තල ගුවන් තොටුපළ හදන්න එපා කියලා. අහන්නෙනැතිව ඒක හැදුවා.  ඕකෙන් ප‍්‍රයෝජනයක් ගන්න  ඕන. ලෝකෙ රටවල්වල ගුවන්තොටුපළ වල් වැහුවම ඒවායින් මොකක්ද ගන්න ප‍්‍රයෝජනය කියලා මම පොඞ්ඩක් හොයලා බැලූවා. 

සමහර රටවල් ඒවයේ ගුවන් නියමු පුහුණු පාසල් හදලා තියෙනවා. සමහර රටවල ගුවන් යානා අලූත්වැඩියා කරන ආයතන බවට පත්කර ගෙන තියෙනවා.

අපි බලනවා.බැරිම වුණොත් හම්බන්තොට මිනිස්සුන්ට තල වේලන්න හරි මේ පිට්ටනිය දෙනවා’ යයිද මන්ත‍්‍රිවරයා කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad