ලෝක ආර්ථිකය පසුබැස්මක සහ අවධමනයක පවතින බව ආර්ථික විද්‍යාඥයින් විසින් අනතුරු හගවා ඇතැයි වාර්තා වේ. ඔවුන් පවසා ඇත්තේ මේ වන විට ලෝකය පුරා කොටස් වෙළඳපොළ කඩා වැටීම මෙහි අතුරු ඵලයක් බවයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද ආර්ථික වර්ධන වේගයන් හා උද්ධමන අනුපාතිකයන් ඇද වැටෙන බව නිවේදනය කර තිබේ.
ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ රන් මිලෙහි උච්ඡවචනයන් ලෝක ආර්ථිකයේ තත්වයන් නිරීක්‍ෂණය කිරීමට අදාළ හොඳ මිනුම් දඬුවක් බවයි.
මේ වසර ආරම්භයේදී රන් මිල ඒ වන විට වාර්තා වූ අඩුම අගය වන ඩොලර් 1180ක් ලෙස දැක්වුණු අතර ඒ වන විට ඇමරිකානු ආර්ථිකය 4%ක වේගයකින් වර්ධනය වන බව පැවසුණද රන් මිල ඉගි කළ ලෙස පළමු කාර්තුව 3%ක පසුබැස්මකින් අවසන් විය.
ඉන්පසුව රන් මිල ඩොලර් 1382 දක්වා ඉහළ නැගුණු අතර 2.9%ක වේගයකින් ආර්ථික වර්ධනයක් සහ උද්ධමන අනුපාතික ඉහළ යාමක් දක්නට හැකිවිය.
නමුත් මේ වන විට නැවත රන් මිල වසර ආරම්භයේදී තිබූ මට්ටම ආසන්නයටම ඇද වැටී ඇති අතර මේ වන විට උද්ගතව ඇති අවධමනය සහ පසුබැස්ම එයින් නිරූපණය කෙරේ.
මේ අතර ජර්මනිය සිය කාර්මික නිෂ්පාදනය 4%කින් ඇද වැටී ඇතැයි වාර්තා කර ඇති අතර ඉතාලි සහ ප‍්‍රංශ ආර්ථිකයන්ද පසුබැස්මක ඇතැයි පැවසේ.
ජපාන දළ ජාතික නිෂ්පාදිතය 7%කින් ඇද වැටී ඇති අතර ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මේ තත්වය දිගින් දිගටම පැවතුණහොත් අර්බුදකාරී තත්වයක් ඇති විය හැකි බවයි.
No comments:
Post a Comment