එල්ටීටීඊ සංවිධානය සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, තමා කිසිදිනෙක ස්විට්සර්ලන්තයේදී අත්අඩංගුවට නොගැනුණු බවත් ෂෙල්වසුග් සමාගමේ හිමිකරු පීටී තුරෙයිරාජා පැවසීය.
ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව සිය සමාගමට පිරිනැමුණු බව පිළිගත් ෂෙල්වසුග් සමාගමේ හිමිකරු, එය ජිනීවා නුවරින් කිලෝමීටර් 300 ක් ඈතින් පිහිටි සුරික් නුවර පදනම් කරගත් සමාගමක් බවට හිටපු තානාපතිනි තමරා කුනනායකම් කරන චෝදනාවද ප්‍රතික්ෂේප කරයි.
“අපි මුළු ස්විට්සර්ලන්තේම වැඩ කරනවා. සුරික් හරි සුක් පළාතේ විතරක් නෙවෙයි,”යනුවෙන්ද ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
සිය සමාගම සමඟ සම්බන්ධතා පැවැත්වූ තැරැවුකරුවන් දෙදෙනකු ස්විස් බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව දන්නා නමුත් ඔවුන් කවුරුන්දැයි හෙළි කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.
එවකට ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ උදුමාන් ජවුහර් තමාගේ සමීප මිතුරෙකු බව සඳහන් කළ පීටී තුරෙයිරාජා, නිල නිවස අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගැනීම පිණිස තක්සේරුවක් ඉදිරිපත් කරන මෙන් තමන්ට දැනුම් දුන්නේ ඔහු බවද කියා සිටියේය.
සිය සමාගම සමඟ කොන්ත්‍රාත්තුවට අත්සන් තැබුවේ කවුරුන්දැයි නොදන්නා නමුත් ක්ෂේනුකා සෙනෙවිරත්න එවකට සිටි තානාපතිවරිය තමන්ට හමුවුනේ නිල නිවස අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව ආරම්භ කිරීමෙන් පසුව බවත් ඔහු කියා සිටියේය.
– BBC
Thursday, October 23, 2014
ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවසේ කොන්ත‍්‍රාත්කරු අදහස් පල කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment