ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයාට ආරාධනා කළ ඊමේල් පණිවිඩ පවා තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් 200 දෙනෙක් සඳහා ජනසෙවණ උපහාර නිවාස ණය හා ප්‍රතිලාභීන් 50 දෙනෙක් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ කුළුපඟ මන්ත්‍රීතුමා වෙච්ච අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීතුමාගෙ මංගල උත්සවයට සහභාගීවෙලා විපක්ෂ නායකතුමා සිංගප්පූරුව බලා පිටත්වුණා.
ඊට කලින් එතුමා යුරෝපය වටා සංචාරයටකට සහභාගීවෙලා ආවා. ඊට පස්සේ යුරෝපා කොමිසම කොටි තහනම ඉවත් කළා. සිංගප්පූරුවෙන් එතුමා කොහේ යයිද කියලා නම් මම දන්නේ නැහැ. ඉදිරි දිනවලදී ගෝලීය දෙමළ සන්සදයේ රැස්වීමක් මැලේසියාවේ පැවැත්වෙනවා. එය සංවිධානය කරන්නේ රවීන්ද්‍ර සන්ද්‍රස් කරුණානායක මන්ත්‍රීතුමාට පිටරට ඉදලා ඩොලර් එවපු එක්කෙනාගේ සහෝදරයා.
ඒ කියන්නේ චාල්ස් ඥාණකෝන්ගේ සහෝදරයා. චාල්ස් ඥාණකෝන් කියන්නේ කුප්‍රකට කොටියෙක්. එයාගේ සහෝදරයා තමයි ඉදිරි දින වලදී මැලේසියාවේ පැවැත්වීමට නියමිත ගෝලීය දෙමළ සංසදයේ රැස්වීම කැඳවලා තියෙන්නේ. ඔවුන් එසේ රැස්වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට.
ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී කාටද ඡන්දය දිය යුතු කියලා තීරණය කිරීමට. ඒ සඳහා වික්‍රමසිංහ මහත්තයටත් ආරාධනා කරලා තියෙනවා. මම දන්නේ නැහැ ඒ සඳහා යන්න වික්‍රමසිංහ මහත්තයා සිගප්පූරුවට ගියාද කියලා. එතුමා යයිද නොයයිද කියලා මම දන්නේ නැහැ. ඒත් එතුමට ඒ සඳහා ආරාධනා කළ ඊමේල් පණිවිඩය තියෙනවා.
මේ සමුළුව සඳහා රනිල් වික්‍රමසිංහ මහත්තයට ආරාධනා කරන්නේ ඇයි? එතන සිටිනවා කණ්ඩායම් දෙකක්. ඥාණකෝන්ගෙ සහෝදරයා ඇතුළු එක් පිරිසක් කියනවා ප්‍රසිද්ධියෙ එකඟතාවය පළ කරන්න ඕනෙ නැහැ. එහෙම වුණොත් සිංහල ඡන්ද කැඩෙන්න ඉඩ තියෙනවා කියලා. අනෙක් කට්ටිය කියනවා අප්‍රසිද්ධියේ ඇතිවෙන එකඟතාවයකින් කිසි දෙයක් වෙන්නේ නැහැ.
ඒ අතර විපක්ෂ නායකතුමා කියනවා එතුමා බලයට පත්වුණොත් ඉන්පසු දහතුන අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා.
අකුරටම කියන්නේ එතුමගේ වචන. ඒ කියන්නේ උතුරට පොලිස් බලය, ඉඩම් බලය ලැබෙනවා. ඉඩම් බලය ලැබුණු ගමන් හමුදාවට උතුරෙන් කඳවුරු දාලා එන්න වෙනවා කියන එකයි. ඒ අතර සිවාජිලිංගම් මන්ත්‍රීතුමා කියනවා උතුරෙන් බුදුපිළිම ගලවනවා කියලා. උතුර හා නැගෙනහිර යළි එකතුවෙනවා. දෙමළ ඊළාම් සංකල්පයට යළි පන එනවා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන විදිහට දහතුන අකුරටම ක්‍රියාත්මක කළොත් රණවිරුවො දිවිපුදලා බේරගත්ත මේ මව් පොළොව අහිමි වෙනවා.ඒ නිසා අද රටට අවශ්‍ය වන්නේ රණවිරුවන් දිවිපුදා දිනාදුන් සාමය හා ස්ථාවරභාවය යළි බිළිදීම දැයි අප හොඳින් කල්පනා කර බැලිය යුතුයි.
අප විසින් අළුත් දේ දිනාගතයුතු වන්නේ ලබාගත් දේ රැකගෙනයි.එසේ නැතිව ලබාගත් දේ අහිමි කරගෙන අළුත් දේවල් දිනාගන්න බැහැ.ඒත් ලබාගත් දේ අහිමිකරගෙන අළුත් දේවල් ලබා ගැනීමේ හීනයකට මේ රට ගෙනයන්න ඇතමුන් බලනවා.ඒක සාර්ථක වන්නේ නැහැ.ඒ තත්වය මේ රටට විපත පමණයි රැගෙන එන්නේ.
ඉකුත්දා යුරෝපා සංගමය විසින් කොටි තහනම ඉවත් කරනු ලබුවා.එමානුවෙල් පියතුමාගේ නායතක්වයෙන් යුතු “ ගෝලීය දෙමළ සන්සදය ” හා නීතීඥ රුද්‍රකුමාරන්ගේ නායකත්වයෙන් යුතු “ සංක්‍රමණික දෙමළ ඊලාම් රාජ්‍ය ” යන මේ දෙකම කොටි සංවිධානයේ ජාත්‍යන්තර පෙරමුණු දෙකක්.මේ “ ගෝලීය දෙමළ සන්සදයයි ” , “ සංක්‍රමණික දෙමළ ඊලාම් රාජ්‍ය ” කියලා කොටි සංවිධානයේ ජාත්‍යන්තර පෙරමුණ දෙකම යුරෝපාකරණයේ සක්‍රීයව වැඩ කරනවා.
ඔවුන්ට පුළුවන් වුණා යුරෝපා රටවල කොටි තහනම ඉවත් කරගන්න.මේ කොටි තහනම ඉවත් කරගන්නේ කුමකටද ? ඒ රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන කොටි හිතවාදීන්ට ඒ වෙනුවෙන් කතාකරන්න, රැස්වෙන්න, මුදල් එකතුකරගන්න ඒ මුදල් ඒ අයට කැමති අපේක්ෂකයා දිනවන්න යොදවන්න ඒ තුළින් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා තමයි මේ කොටි තහනම ඉවත් කරලා ඔවුන්ට අවස්ථාව ලබාදීලා තියෙන්නේ.
දැන් පුළුවන් මුළු යුරෝපයේම ඉන්න ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන දෙමළ ජනතාවගෙන් සල්ලි එකතු කරන්න. ඒ වෙනුවෙන් බැංකු ගිණුම් පවත්වාගෙන යන්න. ඒ මුදල් ඔවුන් කියන ගිනුමට දාන්න කියන්න.
ඒ තුළින් මුදල් කන්දක් ගොඩගහගන්න. දෙමළ ජාතික සන්ධානයේ සිටින සිවාජිලිංගම් මන්ත්‍රීතුමා කියනවා මීළඟ ජනාධිපතිවරණයෙන් අපි සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා දිනුවට පස්සේ උතුරේ තියෙන බුදුපිළිම ගලවලා එවනවා කියලා.
ඒ විතරක් නොවෙයි, හමුදාව මාසයක් ඇතුළත එවනවා කියලා. ඒ නිවාස අපි දැනගතයුතු කාරණයක් තියෙනවා ඒ තමයි අපේ ගම්බද අම්මා තාත්තාගේ දරුවන් දිවිපුදලා මේ රටට ලබාදුන් සාමය හා ස්ථාවරභාව නොතිබෙන්නට මේ රටට සංවර්ධනය නොවෙයි සංවර්ධනයේ හෙවණැල්ලක්වත් ගෙනඑන්නට ලැබෙන්නේ නැහැ කියන කාරණය. එය මිල කරන්න බැහැ. ඒ සාධක දෙක නැතිව රටකට ඉදිරියට යන්න බැහැ.
ඒ නිසා සාමය හා ස්ථාවරභාවය බිළිදීලා ගෝලීය දෙමළ සන්සදයටයි, සංක්‍රමණික දෙමළ ඊළාම් රාජ්‍යයේ බලාපොරොත්තු සඵලවන අනාගතයක් සෑදීමට අප ඉඩ නොදිය යුතුයි. විපක්ෂ නායකතුමා ඉකුත්දා කළ කතාවක් පුවත්පත්වල මුල් පිටුවල පළවෙලා තිබුණා.
එහිදී එතුමා කියනවා එතුමා ජයග්‍රහණය කළොත් පෙට්‍රල් මිළ, ඩීසල් මිළ අඩුවෙන විදිහ. ඒ විතරක් නොවෙයි, රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවෙන විදිහ. අපේ පුතත් මේ ළඟදී රචනාවක් ලියලා තිබුණා. ඒකේ මාතෘකාව “ මම ජනාධිපති වුණොත් ” එයාගේ රචනාවෙත් ඔහොම තිබුණා. මම ජනාධිපති වුණොත් ඉන්ධන ශත 25 ට දෙනවා.
පෙට්‍රල් රුපියල් 6 ට දෙනවා. හරිම අඩුවෙන් ගොඩක් බඩු වර්ග දෙනවා කියලා ඒ රචනාවේ තිබුණා. එහෙම රචනා මම දැකලා තියෙනවා. නොඑන කෙනෙකුට ඒ වගේ ඕන රචනාවක් ලියන්න පුළුවන්. කැටයම් නැතුවත් ලියන්න පුළුවන් කැටයම් ඇතුවත් ලියන්න පුළුවන්. එහෙම ඕන විදිහකට ලියන්න පුළුවන්.
ඒ නිසා අද මේ රටේ ජනතාවගේ පොකට්ටුව ගැන කිඹුල් කඳුළු හෙලන්නේ මේ මුළුමහත් ජාතියේම අනාගතය බිළිදෙන්න කැසකැවූ නායකයො. දැන් අම්මලගෙන් අහනවා අමාරුද අම්මෙ කියලා. මේ මව් පොළොව නැමැති ලක්අම්මව බෙදලා වෙන්කරන්න ගිය පාපතර නායකයො දැන් ගමේ අම්මලගෙන් අහනවා අම්මලට ආර්ථිකය අමාරුද අම්මේ කියලා. මම අඩුකරලා දෙන්නද අම්මේ කියලා කියනවා.
දැන් අම්මලා ගැන පුදුම රුදාවක් තියෙන්නේ. ලක් අම්මා ගැන රුදාවක් නොතිබුණු මිනිසුන්ට මේ රටේ අනෙක් අම්මලා ගැන රුදාවක් ඇතිවෙන් විදිහක් නැහැ. ලක් අම්මා රකින්න පුළුවන් නායකයෙකුට විතරයි මේ පොලොවේ ජීවත්වන අම්මලගේ දුක තේරෙන්නේ.
මෙහිදී අමාත්‍යරවයා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරගෙන යන නිවාසකරණ වැඩපිලිවෙල පිළිබඳව ද මෙසේ අදහස් දැක්වීය. “ 2011 වර්ෂය වන තුරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, තනි පුද්ගලකි නිවාස, රාජ්‍ය නොවන සංවිධනා විසින් ඉදිකළ නිවාස ආදී සියළු වර්ගවල නිවාස එකතු කළත් වර්ෂයකට ඉදිවුනේ ලක්ෂයකට අඩු නිවාස ප්‍රමාණයක්.
එහෙත් ජනසෙවණ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම 2010 වර්ෂයේ අවසාන භාගයේ ආරම්භකර ඒ තුළින් ලබාදුන් උද්යෝගයෙන් පසුව 2011 වර්ෂයේ මේ රටේ නිවාස ලක්ෂ 4 ක් නිර්මාණය වුණා. ඒ අනුව අද වන විට තම තමන්ට බලපාන ජන කණ්ඩායම් සඳහා නිවාස නිර්මානය කිරීමට අමාත්‍යාංශ 25 ක් හා රාජ්‍ය ආයතන 40 ක් ඉදිරිපත්වී තියෙනවා.
එහි ප්‍රතිලාභයක් වශයෙන් තමයි 2011 ට කලින් වර්ෂයකට ලක්ෂයකට වඩා අඩුවෙන් නිර්මාණය වූ නිවාස තොගය 2011 වර්ෂයේදී පමණක් නිවාස ලක්ෂ 4 ක් දක්වා වර්දනය වුණේ. මේවා අපි කියන ගණන් නොවෙයි. ජන හා නිවාස සංගණනයෙන් ඉදිරිපත් වූ ගණන්. මෙහෙම තියෙද්දී තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ කෝ නිවාස හැදිලා නැහැ කියලා. එතුමා කියනවා ලක්ෂ 15 ක් අද නිවාස නොමැති පවුල් ඉන්නවා කියලා.
ඒත් 2012 ජන හා නිවාස සංගණනයේ වාර්තාව මොකක්ද කියන්නේ? දකුණු ආසියාවේ අඩුම අස්ථීර නිවාස ප්‍රමාණය තියෙන රට මේ රට. ඒ ප්‍රමාණය නිවාස 123,000 ක්. ඒ නිවාස සංඛ්‍යාවත් ඇතුළුව අද වැඩි දියුණු කළ යුතු නිවාසත් ඇතුළුව මේ රටේ නිවාස හිඟය තියෙන්නේ නිවාස ලක්ෂ 7 කට මදක් අඩු ප්‍රමානයක්.
ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා තවම මේ රටේ නිවාස ලක්ෂ 15 ක හිඟයක් තියෙනවලු. එතුමාට තවම මතක තියෙන්නේ එතුමාගේ තාත්තාගේ කාලේ නිවාස ගණන් ද කොහෙද. එතුමා කියන තරම් අපේ රටේ නිවාසකරණයේ හිඟය බරපතල නැහැ ” යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
– Con. Media
lanka C news

No comments:
Post a Comment