ත්‍රිකුණාමලය චීන වරායේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් ගුවන් හමුදා සෙබලෙකු වැටී මිය යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 3, 2020

ත්‍රිකුණාමලය චීන වරායේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් ගුවන් හමුදා සෙබලෙකු වැටී මිය යයි




ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු එම කඳවුරේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් තිබේ.


ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය.


කුමන ආකාරයකින් එම අනතුර සිදුවුයේද යන්න පිළිබද ව මෙතෙක් කරුණු අනාවරණය වි නොමැති බව දුෂාන් විජේසිංහ මහතා සදහන් කළේය.


චීන වරාය පොලීසිය සහ ගුවන් හමුදාව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ


No comments:

Post a Comment

Post Bottom Ad