කොරොනාවෙන් මියයන හින්දුන්ගේ මල සිරුරුද භූමදානය කරන්න ඕනෑ..- සමස්ථ ලංකා හින්දු කොංග‍්‍රසය රජයට දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 13, 2020

කොරොනාවෙන් මියයන හින්දුන්ගේ මල සිරුරුද භූමදානය කරන්න ඕනෑ..- සමස්ථ ලංකා හින්දු කොංග‍්‍රසය රජයට දන්වයි

ස්ලාම් ආගමිකයන් කොරෝනා ආසාදනයෙන් මිය ගියහොත් ඔවුන්ගේ දේහයන් භූමදානයට අවසර දෙන්නේ නම් එම අවස්ථාව හින්දු භක්තිකයන්ට ද ලබා දෙන්නැයි සමස්ත ලංකා හින්දු සම්මේලනය විසින් ඉල්ලීමක් කරයි.

සමස්ත ලංකා හින්දු සම්මේලනය සභාපතිවරයා මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේ.

කොරෝනා වසංගතය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති පොදු නීතිය, බෞද්ධයන්ට කතෝලිකයන්ට, හින්දුන්ට පිලිගැනීමට හැකිනම් නම් වෙනත් ආගමකට නොහැකි මන්දැයි ද ඔහු ප්‍රශ්න කළේය.

කිසියම් කණ්ඩායමක් දේහයන් භුමදානය කිරිමට අවශ්‍ය යයි රටේ පොදු නීතිය බිඳ දමමින් ඉල්ලීම් කරන්නේ නම් එය ආගමික අන්තවාදයක් යයිද ඔහු කියා සිටියේය.

හින්දු ආගමේද භූමදානය කර චාරිත‍්‍රය ඇති බවත් වෙනත් ආගමකට මෙම අවසරය ලබාදුනහොත් තම ආගමටද එය ලබා ගැනීම සඳහා ඉල්ලීම් කරන්න සිදුවන බවද ඔහු තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad