2001 වසරේ 'ඕස්ට්‍රේලියානුවා' ලාංකිකයෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 12, 2020

2001 වසරේ 'ඕස්ට්‍රේලියානුවා' ලාංකිකයෙක්

2001 වසරේ 'ඕස්ට්‍රේලියානුවා' ලාංකිකයෙක්

ශ්‍රී ලංකාවේ උපත ලැබූ වෛද්‍ය දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත බලධාරීන් විසින් ‘2021 වසරේ ඕස්ට්‍රේලියානුවා’’ ලෙස නම් කර ඇත. 36 හැවිරිදි දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියාවේ ඕ.එම්.ඒ. (OMA) ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ නේවාසික වෛද්‍යවරයකු වන අතර මෑතකදී සිය නීති උපාධියද අවසන් කළ අයෙකි.

රෝද පුටුවක රැඳී සිටිමින් සිය එදිනෙදා කටයුතු සිදුකරන වෛද්‍ය දිනේෂ් පලිපාන ගෝල්ඩ් කෝස්ට් ටයිටන්ස් ආබාධ සහිත වූවන්ගේ රග්බි කණ්ඩායමේ නිල වෛද්‍යවරයා ලෙසද කටයුතු කරයි.

වෛද්‍ය පලිපාන සිය දේශන මගින් අන්තර්ජාතික සබඳතා ගොඩනගාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ කොඳුඇටපෙළ ආශ්‍රිත රෝග සඳහා කෙරෙන පර්‌යේෂණ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත.

පසුගිය ජනවාරි මාසයේදී පැවැති ජාතික ඔස්ට්‍රේලියානු දින සම්මාන උළෙලට සමගාමීව ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත ප්‍රධාන ඇමැති ඇනස්ටේෂියා පලසුක් විසින් වෛද්‍ය පලිපාන වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක්ද සිදු කළාය.

‘‘දිනේෂ් පලිපාන කිසිදු බාධකයක් නොදන්නා පුද්ගලයෙකි. ඔහු සැබැවින්ම ආනුභාවසම්පන්න පුද්ගලයෙකි. ඔස්ට්‍රේලියාවේ ආබාධිත වෛද්‍යවරුන්ගේ සමාරම්භකයා වශයෙන් ඔහු වෛද්‍ය අධ්‍යාපනය සහ රැකියාව ද ඇතුළත්ව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීම සඳහා විශාල මෙහෙයක් සිදුකර ඇත.’’ යැයි ප්‍රධාන අැමැතිවරිය එහිදී පවසා තිබේ.

2010 දී බ්‍රිස්බේන් පාලම අසලදී සිදුවූ රිය අනතුරකින් වෛද්‍ය පලිපාන බරපතළ තුවාල ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ දෙපා අක්‍රිය වී ඇති අතර ඔහුගේ දෑත්වල ක්‍රියාකාරිත්වයද ඉන් සීමා සහිත වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad