
ඉදිරියේදී ඇතිවිය හැකි මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර ගියහොත් රටෙහි බරපතළ තත්ත්වයක් මතු විය හැකි යැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.
කොවිඩ් රෝගය පැතිර යන මොහොතේදි ඩෙංගු රෝගයද ව්‍යප්ත වුවහොත් රෝගී සත්කාරයන් සපයන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිය සේවා ලබාදීමේදී ගැටලු මතුවෙනවා මෙන්ම රෝගීන්ටද රෝගී සත්කාර සේවාවන් නිසි ලෙස ලබාදීම නොහැකි වනු ඇතැයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
කොවිඩ් වයිරසය ආසාදිත වූවන්ට ඩෙංගු වයිරසය ආසාදනය විය හැකි බවත් මේ වන විට පුද්ගලයන් කීප දෙනකුට එවැනි තත්ත්වයන් වාර්තා වුවත් නිවැරදිව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු පමණක් යැයිද අධ්‍යක්ෂවරයා පැවසීය.
වර්ෂාව ආරම්භ වීමට පෙර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇත්නම් ඒවා විනාශ කිරීමට කටයුතු කරන්නැයිද ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. පසුගිය වසරේ (2019) ඔක්තෝබර් මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 11573ක් වන අතර මේ වසරේ (2020) ඔක්තෝබර් මාසය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 938ක් බව ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි.
No comments:
Post a Comment