සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නැවැත්තුවේ ඇයි? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2020

සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නැවැත්තුවේ ඇයි? (VIDEO)

සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නැවැත්තුවේ ඇයි? (VIDEO)

සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නැවැත්තුවේ ඇයි දැයි නගන ප්‍රශ්න වලට ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැහැදිලි කිරීමක් සිදු කරයි.

ඒ රූපවාහිනී නාළිකාවක විවාදයකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මම දැක්කා සමාජ මාධ්‍ය තුල දිගින් දිගටම යනවා ජපානයෙන් ආපු අර LRT එක අපි නැවැත්තුවේ කියලා. මම මේකට පොදු පැහැදිලි කිරීමක් කරන්න ඕනේ LRT එකට ඔබතුමන්ලා මාර්ග හතරක් යෝජනා කරලා තිබුණා. රෙඩ් ලයින් එකයි. ග්‍රීන් එකයි, බ්ලු ලයින් එකයි ඊට අමතරව තමයි ඔය ජයිකා එකෙන් ආවේ. අර මාර්ග තුනටම එක කිලෝමීටරයකට එන ප්‍රපෝසල්ස් ඇවිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 54යි. ඔය රෙඩ් ලයින් එකට එන්නේ ඩොලර් මිලියන 54යි, රාගම ඉඳන් කිරුලපන දක්වා යන්නේ. කැලණිය ඉඳන් මොරටුව දක්වා යන එකට එක කිලෝමීටරයකට එන්නේ 56යි. හුණුපිටියේ ඉඳන් මාකඹුර දක්වා යන එකට ඔය පන්නිපිටිය, කොට්ටාව හරහා යන එකට ලැබිච්ච ප්‍රපෝසල්ස් වල තියෙන්නේ එක කිලෝමීටරයකට යන්නේ ඩොලර් මිලියන 53යි."

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad