මාකඳුරේ මධූෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2020

මාකඳුරේ මධූෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට






සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් 'මාකඳුරේ මධූෂ්' මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.


කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන 'මාකඳුරේ මධූෂ්' පොලීසියේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ.


පොලීසිය සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේදී අදාළ ජාවාරම්කරුවන් මධුෂ් බේරා ගැනීම සඳහා පොලීසිය දෙසට වෙඩි තබා තිබෙනවා.


එම වෙඩි තැබීමත් සමඟ පොලීසිය ද ඔවුන් දෙසට වෙඩි තබා ඇති අතර සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.


සිද්ධිය වූ ස්ථානයේ තිබී රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් කිලෝ 22ක්, මෙම ජාවාරම්කරුවන් රැගෙන ආ පිස්තෝල දෙකක් සහ මොවුන් පැමිණි යතුරුපැදියක් ද සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad