
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය අමාත්‍යංශය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය අතර කොරෝනා වෛරසය පිළිබඳ මූලික සාකච්ඡාවක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විය.
ශ්‍රී ලංකාව තුළ දේශීය ඖෂධ යොදා ගනිමින් විශේෂයෙන්ම රජයේ රෝහල් තුළ එම ඖෂධය හඳුන්වා දීමේ මූලික සාකච්ජාවක් පැවැත්වුණ අතර එහිදී මූලික එකඟතාවයක්ද ඇති කරගෙන තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු දෙදෙනකු හා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරු දෙදෙනෙකු ද සාකච්ඡාවට සහභාගී විය.
“සුදර්ශන පැණිය” නවීකරණය කර කොරෝනා රෝගය සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් පැහැදිලි කර ඇති අතර මෙම “සුදර්ශන පැණිය” රෝහල්වල යොදා ගැනීම සඳහා මූලික සාකච්ඡාවක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සාකච්ඡාවට භාජනය කර තිබේ.
වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනූව කොරෝනා මර්දනය උදෙසා බටහිර වෙදකම පමණක් නොව ආයුර්වේද වෙදකමද යොදා ගත යුතු බව මෙහිදී ප්‍රකාශ කරන ලදී. නවීකරණය කරන ලද “සුදර්ශන පැණිය” උණ රෝගය, ප්‍රතිශක්තිකරණය නැංවීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව පර්යේෂණ තුළින් සමත් වූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් පැහැදිලි කර ඇත.
එසේම ආයුර්වේද රෝහල්වල කොරෝනා රෝගීන් ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇමතිවරයා සමඟ මූලික එකඟතාවයට පැමිණි අතර ඉදිරියේ දී රෝගීන් දසදෙනෙකු බොරැල්ල ආයුර්වේද රෝහලට ඇතුළත් කිරීමේ මූලික එකඟතාවයකටද මෙහිදී පැමිණ තිබේ.
ඒමෙන්ම ඉදිරියේ දී තවත් රෝගීන් විසිදෙනෙකුට එහි ඉඩකඩ ඇති බවද ප්‍රකාශ විණි.
බිංකොහොඹ යොදාගෙන නිෂ්පාදනය කරන සුදර්ශන පැණිය දීර්ඝ කාලයක් ආයුර්වේදයේ භාවිතා කළ ඖෂධයකි. උණ රෝගවලට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීම උදෙසා හීන් බිංකොහොඹ සහ තවත් පැළෑටි ගණනාවක සංයෝගයෙන් සකස් කළ ඒ හා සමාන ඖෂධයක් හෙළ වෙදකමේ ද යොදාගෙන ඇත.
මෙම දැනුම පාදක කරගෙන රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ ආචාර්ය සරෝජා වීරකෝන් මහත්මිය, ආචාර්ය කමල් පෙරේරා මහතා, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ළමා රෝග පිලිබඳ මහාචාර්ය දුලානි ගුණසේකර මහත්මිය සහ ජෛව රසායන අංශයේ මහාචාර්ය TS සුරේෂ් මහත්මිය එක්ව වසර ගණනාවක් සිදු කළ පර්යේෂණයකින් වැඩි දියුණු කල සුදර්ශන පැණියක් නිපදවා ඇත. එහි විශේෂත්වය බටහිර ඖෂධයක් හඳුන්වා දීමේදී අනුගමනය කරන ක්‍රමවේදය (විෂ විද්‍යා අධ්‍යයන, සතුන් යොදා ගෙන සිදු කරන පර්යේෂණ, මිනිසුන් යොදා ගෙන සිදු කරන පර්යේෂණ) මෙහිදී ද අනුගමනය කර තිබීමයි.
- කොරෝනා
No comments:
Post a Comment