දේශපාලන පළිගැනීම් කොමිසම “පැහැර හරින පුද්ගලයන්“ නම් කරයි - පාඨලී, මංගල, හකීම්, ෆොන්සේකා, අනුර ඒ අතර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 27, 2020

දේශපාලන පළිගැනීම් කොමිසම “පැහැර හරින පුද්ගලයන්“ නම් කරයි - පාඨලී, මංගල, හකීම්, ෆොන්සේකා, අනුර ඒ අතර

දේශපාලන පළිගැනීම් කොමිසම “පැහැර හරින පුද්ගලයන්“ නම් කරයි - පාඨලී, මංගල, හකීම්, ෆොන්සේකා, අනුර ඒ අතර

මංගල සමරවීර, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්දිරන්, අනුර කුමාර දිසානායක, ජේ. සී. වැලිඅමුණ, ජයම්පති වික‍්‍රමරත්න, මලික් සමරවික‍්‍රම, ආනන්ද විජේපාල සහ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ යන අය කොමිසම හමුවේ පෙනී සිටීම පැහැර හරින පුද්ගලයන් ලෙස නම් කිරීමට කොමිෂන් සභාව තීරණය කළ බව පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඊයේ (26) පැවසීය.

රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාගේ පැමිණිල්ලකට අදාළව මේ අය වගඋත්තරකරුවන් ලෙස නම් කර කොමිසම හමුවේ පෙනී සිටීමට සිතාසි නිකුත් කර තිබිණි.

එහෙත් ඒ කිසිවකු ඊයේ කොමිසම හමුවේ පෙනී සිටියේ නැත. ඒ අනුව කොමිසමේ සභාපතිවරයා එම වගඋත්තරකරුවන් කොමිසම හමුවේ පෙනී සිටීම පැහැර හරින පුද්ගලයන් ලෙස නම් කිරීමට තීරණය කරන බව කොමිසම හමුවේ පැවසීය.

කෙසේ වෙතත් හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෙම පැමිණිලිවලට අදාළව සතියක් ඇතුළත කරුණු දක්වන බවට මෝසමක් එවා තිබුණ ද එය සභාපති විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කොමිසම ඊයේ එහි සභාපති උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.

  • ජනපති කොමිසම

No comments:

Post a Comment

Post Bottom Ad