මාකදුරේ මධුෂ් මාලිගාවත්තේදී මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2020

මාකදුරේ මධුෂ් මාලිගාවත්තේදී මරුට

 
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී.

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ සඟවා තිබු හෙරොයින් තොගයක් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මාකදුරේ මධුෂ්වද කැටිව එම ස්ථානයට ගොස් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන අතර එහිදී ඊට මැදිවූ මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් පැවසේ.

මීට අමතරව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.

පසුව සිදුකළ සෝදිසියකදී රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

වසරකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටි මධූෂ් මීට දින කිහිපයකට ඉහතදී කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දෙනු ලැබීය.


No comments:

Post a Comment

Post Bottom Ad