වැලිකඩ බන්ධනාගාරයේ කුමන්ත්‍රණයක් - කැරැල්ලක් ඇතිකර සිරකරුවන් පලායාමට සැලසුම් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2020

වැලිකඩ බන්ධනාගාරයේ කුමන්ත්‍රණයක් - කැරැල්ලක් ඇතිකර සිරකරුවන් පලායාමට සැලසුම් කරලා

වැලිකඩ බන්ධනාගාරයේ කුමන්ත්‍රණයක් - කැරැල්ලක් ඇතිකර සිරකරුවන් පලායාමට සැලසුම් කරලා

වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක් ඇතිකර ඉන් පලායාම සඳහා රැඳවූවන් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බව බන්ධනාගාර බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින ඉන්දික නමැත්තකු මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන සැලසුම්කරු වන අතර අසංක, රොෂාන්, ගාල්ලගේ, සාගර නමැති රැඳවූවන් පිරිසක්ද මෙයට හවුල්වී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

‘රිවස්’ නමින් හඳුන්වන මත්ද්‍රව්‍යයක් රැඳවූවන්ට ලබාදී සිහි විකල් තත්ත්වයට පත්කර මෙලෙස කැරැල්ලක් ඇති කිරීම මෙම පිරිසගේ සැලසුම වී ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 4049ක් සිටින අතර චැපල් අංශයේ පමණක් 2400 දෙනකු සිටින බව බන්ධනාගාර මූලස්ථානය තහවුරු කරයි.

කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා මේ දිනවල බන්ධනාගාරයට අමුත්තන්ගේ පැමිණීම තහනම් කර ඇත.

මේ හේතුවෙන් රැඳවූවන්ට තම අපරාධ ජාලය මෙහෙයවීමට බාධා පැමිණ තිබේ. ඒ හෙයින් ඔවුන් මෙසේ කැරැල්ලක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad