හෘද රෝගීන් සහ ආඝාත රෝගීන්ට දෙන ඖෂධයක් මෙරටදීම නිපදවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2020

හෘද රෝගීන් සහ ආඝාත රෝගීන්ට දෙන ඖෂධයක් මෙරටදීම නිපදවයි

හෘද රෝගීන් සහ ආඝාත රෝගීන්ට දෙන ඖෂධයක් මෙරටදීම නිපදවයි

නව ඖෂධ නිෂ්පාදනය කිරීමේ “අලුත් රටට අලුත් බෙහෙත්” වැඩපිළිවෙළ යටතේ ⁣Clopidogrel ඖෂධය එළිදැක්වීම ඊයේ(19) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

හෘද රෝගීන් සහ ආඝාත රෝගීන් සුලභව භාවිතා කරන ඖෂධයක් වන මෙය රාජ්‍ය අංශයට ලබා ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 317 ක් වැය කරයි.

පෞද්ගලික අංශය මෙම ඖෂධය ආනයනය කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 400 ක් වැය කරයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ඖෂධය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

No comments:

Post a Comment

Post Bottom Ad