ආහාර වර්ජනය කිරීමෙන් ඉතිහාසයේ කිසිදු රැදවියෙකු මිය ගියේ නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
මේ අනුව බූස්ස බන්ධනාගාරයේ ආරම්භ කර ඇති උපවාසයද කඩිනමින්ම නිමාවට පත් වනු ඇතැයි ඒ මහතා කියා සිටිනවා.
අත්අඩංගුවට පත්වන පිරිස ඉහළ යාම හේතුවෙන් ඔවුන් රදවා තැබීම සදහා බන්ධනාගාර පහසුකම් වැඩිකිරීමට සිදුව තිබෙනවා. ඒ අනුව බෝගම්බර බන්ධනාගාරයේ අවශ්‍ය පහසුකම් තිබේද යන්න සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.

No comments:
Post a Comment