පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින්ම එල්ල වන විරෝධය දිනෙන් දින ත්‍රීව්‍ර වන ආකාරයක් දක්නට ලැබේ. විශේෂයෙන් සරත් වීරසේකර මහතා සිය පුද්ගලික ජනප්‍රියත්වය වෙනුවෙන් පක්ෂය, ආණ්ඩුව සහ රටම අපහසුතාවට පත් කරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය චෝදනා කරයි.
"මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි උතුරේ පළාත් සභාව පිහිටුවලා යුද්ධෙ හිටපු තරුණයින්ට දේශපාලන බලය දරන්න පුළුවන් අයිතිය ලබලා දුන්නෙ. මේක අහෝසි කරනවා නම් ඉන්දියානු සාධකය නොසලකා මේක අහෝසි කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපි කියනවා නැවත වතාවක් සරත් වීරසේකර මහත්තයාට උණුවෙන් රොටි කන්න ගිහිල්ලා තනියෙන් ගුටි කන වැඩේ මේ රටේ මිනිස්සුන්ට කරන්න එපා කියලා" යනුවෙනුයි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා සඳහන් කළේ.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
No comments:
Post a Comment