මෙරට සැගවී සිටින තුර්කි පොටෝ ත්‍රස්තයන් 16 දෙනෙකු අල්ලා ගැනීම සදහා ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.
පාස්කු ප්‍රහාරයට පෙර මෙරටට පැමිණි 58 දෙනෙකුගෙන් යුත් පොටෝ ත්‍රස්ත කණ්ඩායමෙන් 16ක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් නැතැයි ආගමන හා විගමන බලදාරීන් රජයට දන්වා ඇත.
මෙම ත්‍රස්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණිම සදහා වීසා බලපත් සදහා නිර්දේශ කර ඇත්තේ යහපාලන රජයේ ප්‍රබල හිටපු ඇමතිවරයකුගේ අමාත්‍යාංශය බව රජය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම ත්‍රස්තවාදීන් පිරිස ගැන තුර්කි රජය විසින් පසුගිය රජයට කල්තියා අනතුරු අගවා තිබිණි. එහෙත් ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.
පොටෝ ත්‍රස්තයන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට දැඩි සැකයක් පවතිනවා යැයි එ ආරංචි මාර්ග පළ කළේය.
-kubiyonews
No comments:
Post a Comment