සජිත් ජනහමුව අමතද්දී ගල් ගහයි - මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

සජිත් ජනහමුව අමතද්දී ගල් ගහයි - මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි (VIDEO)

සජිත් ජනහමුව අමතද්දී ගල් ගහයි - මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි (VIDEO)

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට ගල් ප්‍රහාරයක් එල්ල විය.

මෙම රැස්වීම පැවැත්වූයේ රත්මලාන කොතලාවල පුර පිටිය රණසිංහ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දීය.

ඊයේ පස්වරුවේ සජිත් පේ‍්‍රමදාස මහතා මෙම ජනහමුව අමතමින් සිටියදී ගල් ප්‍රහාරය එල්ල විය.

වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයන් සජිත් ප්‍රේමදාස මහතා ආවරණය කරගත්තද ඔහු නොනැවතී ජනහමුව ආමන්ත්‍රණය කළේය.

තමනට ගල් ප්‍රහාරය එල්ල වුව ද මදාවියන්ට තමන් කිසිදා බියෙන් ඇතැයිද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad