ජනපති ගෝඨාභයගේ රියදුරා යැයි කී තරුණයා ගම්පහෙන් දේශපාලනයට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

ජනපති ගෝඨාභයගේ රියදුරා යැයි කී තරුණයා ගම්පහෙන් දේශපාලනයට (VIDEO)

ජනපති ගෝඨාභයගේ රියදුරා යැයි කී තරුණයා ගම්පහෙන් දේශපාලනයට (VIDEO)

ඉදිරි පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමා ඉදිරිපත් වන බව රෙස්ලින් සහ වුෂූ ශූර ඉෂාන් අබේරත්න මහතා පවසයි.

ඔහු වඩා ජනප්‍රිය වූයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රියදුරා යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූපය හේතුවෙනි. නමුත් ඔහු ඇමරිකාවේ සිටි කාලය තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලඟින් ඇසුරු කළ අයෙකු බව ඔහු සඳහන් කළේය.

නමුත් ඉෂාන් අබේරත්න රෙස්ලින් සහ වුෂූ ශූරයෙකු වන අතර ඉන් ලංකාවට කීර්තියක් ගෙන දුන් අයෙකි.

ඉෂාන් අබේරත්න මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සහ තමා සිටින එම ඡායාරූපය තමාව රියදුරා යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර ඇත්තේ තමාව අපහසුතාවයට පත්කිරීමට බවත් ඒ වන විට එය විශාල වශයෙන් ප්‍රචාරය වී තිබූ බවත්ය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය තරඟ කිරීමට බලාපොරොත්තු වුවද ඒ සඳහා නාමයෝජනා නොලැබුණ බවත් ගම්පහ ප්‍රදේශයට කල වැඩ ප්‍රමාණයත්, ජාතික ශූරයෙකු නිසාත් ගම්පහ යම් පදනමක් තමන්ට තිබූ බවත් ඒ නිසා දේශාපලනයේ නිරත වී සිටි පිරිස කැළඹීමකට ලක්වූ බවත් ඔහු පෙන්නා දෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ශ්‍රීලනිපයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරය ලබා දෙන බවත් පොදුජන පෙරමුණෙන් ශ්‍රීලනිපයට ගම්පහින් අවස්ථාව ලැබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තරග කිරීම පමණක් බැවින් තමන්ට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වූ බවත් ඉෂාන් අබේරත්න මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ඒෂියන් මිරර් මතවාද වැඩසටහනට එක්වෙමිනි. එම සම්පූර්ණ වැඩසටහන පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad