බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය නම් ඒ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන එය සිදුකළ හැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ද කටයුතු කළේ ඒ ආකාරයෙන් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
"19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කරපු පටළැවිල්ල වර්තමානයට අදාළව රටේ ජනපති සහ අගමැති කියන තනතුරු දෙකම දරන්නේ සහෝදරයෝ දෙන්නෙක් වීම නිසා ඒ ව්‍යවස්ථාවෙ අන්තර්ගත පටළැවිල්ල තිබුණට ප්‍රායෝගිකව ඒක පටළැවෙන්නෙ නැති විදියට ඕනෙ නම් යන්න පුළුවන්කම තියෙනවා.
මම විශ්වාස කරනවා එහෙම යන්න පුළුවන්කම තියෙන නිසා වඩාත්ම හොඳ ඉතාම ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වලා දෙන එක. ඉතිං ඒකට ප්‍රමුඛතාවය ලැබිය යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නෙ. කෙසේවෙතත් ආණ්ඩුවේ බහුතරයක් හිතනවා 19 පටළැවිල්ල ලිහාගෙන ඕනෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න කියලා.
අපට ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පතේ පවා 19 වැනි සංශෝධනයේ තියෙන සමහර අන්තර්ගත කරුණු කිහිපයක් ඉතිරිකර තැබීමට තමයි යෝජනා කරලා තියෙන්නෙ. ඉතිං මේක අමාත්‍ය මණ්ඩලයේත් පාර්ලිමේන්තු කණ්ඩායමේත් සාකච්ඡාවට ලක්වෙනවා. ඒ අනුව තමයි අවසන් නිගමනයකට එන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූදානම් වන බවට විපක්ෂය නඟන චෝදනාව ගැන අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ. "බැසිල් රාජපක්ෂ මැතිතුමාට නැවත පාර්ලිමේන්තුවට එන්න ඕනෙ නම් දැන් වුණත් ඒකට බාධාවක් නෑ, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඒක කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට තිබුණු බාධාව ඇමරිකානු රටවැසිභාවය, ඒක නිසි පරිදි ඉවත් කරගෙන එතුමා රටේ ජනාධිපති පුටුවෙ වාඩි වුණා. ඒ ක්‍රමයම තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් අවශ්‍ය නම් පාර්ලිමේන්තු එන්න" යනුවෙනි.
අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
Wednesday, September 2, 2020
Home
දේශපාලන පුවත්
බැසිල්ට ඕනෙ නම් ගෝඨාභය වගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගෙන පාර්ලිමේන්තු එන්න පුළුවන් - විමල්
බැසිල්ට ඕනෙ නම් ගෝඨාභය වගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගෙන පාර්ලිමේන්තු එන්න පුළුවන් - විමල්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment