තරුණ කටයුතු අමාත්‍යංශය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

තරුණ කටයුතු අමාත්‍යංශය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට

තරුණ කටයුතු අමාත්‍යංශය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තරුණ කටයුතු අමාත්‍යංශය කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට ගෙන ඒමට තීරණය කළ බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (02) පස්වරුවේ පැවසීය.

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තරුණ කටයුතු අමාත්‍යංශය ස්ථාපිත ස්ථානය වෙනුවෙන් මාසිකව රුපියල් ලක්‍ෂ 39 ක මුදලක් ගෙවීමට සිදුවන හෙයින් මෙම තීරණය ගත් බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (02) පැවැති විශේෂ හමුවේදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“තරුණ කටයුතු අමාත්‍යංශය සඳහා මාසිකව ලක්‍ෂ 39 ක් ගෙවීම ඇත්තෙන්ම නාස්තියක්. සල්ලි නාස්ති කරන්න හොඳ නෑ. ඒ නිසා තරුණ කටයුතු අමාත්‍යංශය සුගතදාස ක්‍රීඩාංගණයට ගේන්න තීරණය කරලා තියෙනවා”

“සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉඩ තියෙනවා. තරුණ කටයුතු අමාත්‍යංශ එතනට ගෙනාවම ලක්‍ෂ 39 ක් ඉතිරි වෙනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad