20 වන සංශෝධනයට රජයේ මුද්‍රණාලයට - ගැසට් පත්‍රය අද නිකුත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

20 වන සංශෝධනයට රජයේ මුද්‍රණාලයට - ගැසට් පත්‍රය අද නිකුත් කරයි

20 වන සංශෝධනයට රජයේ මුද්‍රණාලයට - ගැසට් පත්‍රය අද නිකුත් කරයි

කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජයේ මූද්‍රණාලය වෙත ලැබී ඇතැයි වාර්තා වේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද (03) දිනයේ නිකුත් කිරීමට නියමිත බ‍ව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබේ.

ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad