ගෝටාභය ජනාධිපති කරවන්න ඡන්දය දීම ගැන අද ජනතාව කණගාටු වෙනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 2, 2020

ගෝටාභය ජනාධිපති කරවන්න ඡන්දය දීම ගැන අද ජනතාව කණගාටු වෙනවා..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට ඡන්දය දුන් ජනතාව අද ඒ ගැන කණගාටුවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

අද පෙනී යන්නේ 2015 සිදු වූ සිදුවීම් නැවත වරක් සිදුවන ආකාර යැයි ද ඒ මහතා පැවසීය.

19 සංශෝධනය ඉවත් කර පවුල්වාදය නැවත කැදවා රට විනාශ කිරීමට දරන උත්සාහය විරුද්ධ වෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

අද රට තුළ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක රටක එක නීතියක් යන සංකල්පය මත නොව ආණ්ඩු පක්ෂයට එක නීතියක් හා විපක්ෂයට තව එකකුත් යන සංකල්පය මත බවද ඔහු පෙන්වා දුන්නේය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad