දුමින්ද සිල්වාගේ අධිකරණ තීන්දුව නැවත විවරණයට අදහසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

දුමින්ද සිල්වාගේ අධිකරණ තීන්දුව නැවත විවරණයට අදහසක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ලැබී ඇති අධිකරණ තීන්දුව නැවත විවරණය කිරීමෙන් නිවැරදි කිරීමේ හැකියාවක් තිබිය හැකි බව ර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරයි.
වැරදිකාරයෙක් නීතියෙන් ගැලවී සිටීමට වඩා නිවැරදි කාරයින් දඬුවම් විඳීම අපරාධයක් බවද ඔහු සඳහන් කළේය.
දුමින්ද සිල්වාට එරෙහිව පැවති නඩුවේ විනිශ්චකාරවරුන් දේශපාලඥයන් සමඟ සාකච්ඡා කළ ආකාරය පසුගියදා සාක්ෂි සහිතව හෙළි වූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එම සාකච්ඡාවන් අදාල නඩු තීන්දුවට බලපෑවේදැයි විමර්ශනයක් කිරීම සුදුසු බව තම මතය යැයි ද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී

No comments:

Post a Comment

Post Bottom Ad