පාර්ලිමේන්තු කෑම අවුල දුරදිග යයි - විගණනයකුත් අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

පාර්ලිමේන්තු කෑම අවුල දුරදිග යයි - විගණනයකුත් අරඹයි

පාර්ලිමේන්තු කෑම අවුල දුරදිග යයි - විගණනයකුත් අරඹයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වන පිරිවැය තක්සේරු කිරීම සඳහා විගණනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ එක් ආහාර වේලක් සඳහා රුපියල් 3,000 කට වඩා වැය වන බව පවසමින් අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවක් අතරතුර පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු කළ ප්‍රකාශය ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක්ව විරෝධය ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව කතානායකවරයා මෙම විගණනය කිරීමට උපදෙස් දුන් බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශක ශාන් විජේසිංහ මහතා පැවසීය.

එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වියදම රුපියල් 296 ක් පමණ වන අතර එය වාර්තා වී තිබූ පරිදි රුපියල් 3000ක් නොවන බවත් නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තුවේදී ආහාර සඳහා වන වියදම් පිළිබඳ සවිස්තරාත්මකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ සමස්ත ආහාර පිරිවැය ගණනය කිරීමෙන් අනතුරුව එය 225 න් බෙදීමෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වැරදි ප්‍රකාශයක් සිදුකර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආහාර වේලක් සඳහා රුපියල් 3000 ක මුදලක් වැය වන බව පාර්ලිමේන්තු නිලධාරියෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

No comments:

Post a Comment

Post Bottom Ad