ජනමත විචාරණයක් අවශ්‍ය නෑ..පාර්ලිමේන්තුවේ 2/3 ඇති - නීතිපතිගේ මතය ප්‍රකාශයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

ජනමත විචාරණයක් අවශ්‍ය නෑ..පාර්ලිමේන්තුවේ 2/3 ඇති - නීතිපතිගේ මතය ප්‍රකාශයට

ජනමත විචාරණයක් අවශ්‍ය නෑ..පාර්ලිමේන්තුවේ 2/3 ඇති - නීතිපතිගේ මතය ප්‍රකාශයට

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බවත්, නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඊයේ (2) දන්වා තිබේ.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සිය මතය ඉදිරිපත් කරමින් නීතිපතිවරයා ඒ බව දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

සිය මතය ප්‍රකාශ කරමින් නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 ක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බව ද නීතිපතිවරයා සිය මත ප්‍රකාශයෙන් දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad