නලීන් බණ්ඩාර නිවසින් නෙරපීමට නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

නලීන් බණ්ඩාර නිවසින් නෙරපීමට නියෝගයක්

නලීන් බණ්ඩාර නිවසින් නෙරපීමට නියෝගයක්

රජයේ නිල නිවස බාර නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා, කුරුඳුවත්තේ පිහිටි නිවසින් ඉවත් කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුදෙණිය මහතා ඊයේ (20) නියෝගයක් නිකුත් කර ඇත.

මෙලෙස තෙරපීමේ නියෝගයක් නිකුත් කර ඇත්තේ හිටපු අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පදිංචිව සිටින සී ඩී 90, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි රජයේ නිල නිවාසය වෙනුවෙනි. කොළඹ 07, නිදහස් චතුරස්‍රය ලිපිනයෙහි පළාත් පාලන අමාත්‍යාංශයේ එම්.ඩී.කේ. පලිහවඩන මහතා විසින් මෙම නෙරපීමේ නියෝගය නිකුත් කරන ලෙසට අධිකරණයට ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

1985 අංක 45, 1981 අංක 08, 1974 අංක 40 සහ 1971 (1) පනත් වලට අනුකූලව නෙරපීමේ නියෝගයක් ලබාදෙන ලෙසට පළාත් සභා හා පළාත් පාලන (රාජ්‍ය සේවා) අමාත්‍යාංශය අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇත්තේ ඉකුත් ජුලි මස 6 වැනිදාය.

රජයේ නිල නිවාස බාර නොදීම සම්බන්ධයෙන් මෙම තැනැත්තාට අවස්ථා කිහිපයකදීම සිහි කැඳවීමේ ලිපි යොමු කර තිබුණ ද ඔහු එම නිවසින් බැහැර නොවීම මත මෙම නඩුව අධිකරණය වෙත ගොනු කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය 1985 අංක 45, 1981 අංක 08, 1974 අංක 40 සහ 1971 (1) පනත් ප්‍රකාරව මෙම නෙරපීමේ නියෝගය දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad