තංගල්ලේ සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි වෛද්‍ය වරියක් ඇතුළු කාන්තාවන් 8ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

තංගල්ලේ සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි වෛද්‍ය වරියක් ඇතුළු කාන්තාවන් 8ක් අත්අඩංගුවට



සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කළ බව කියන තංගල්ලේ ස්ථාන දෙකක් වටලා කාන්තාවන් අට දෙනකු ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.


මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නිකවැරටිය, අම්බලන්තොට, තංගල්ල.

විතාරන්දෙනිය සහ මාතර යන ප්‍රදේශවල පදිංචි වයසයි 30 - 40 දක්වා වන අය

බව පොලිසිය කියයි..


තංගල්ල ගොඩිගමුව සහ තංගලු වේල්ල යන ප්‍රදේශවල මෙම සම්බාහන 

මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. උපාය දූතයන්

යෙදවා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිලධාරින් සමත්වී තිබිණි.


මෙම ස්ථානයේ සිටි  ආයුර්වේද වෛද්‍යවරියක් බව කියන කාන්තාවකද අත්අඩංගුවට ගත් අය අතර වන බව

පොලීසිය කියයි,


No comments:

Post a Comment

Post Bottom Ad