රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධක ලබා ගැනීමේ බාධා ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධක ලබා ගැනීමේ බාධා ඉවතට

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධක ලබා ගැනීමේ බාධා ඉවතට

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පුර්ණ කර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි නව විධිවිධාන සකසා ඊට අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණකර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු නියෝජනයන් සැලකිල්ලට ගනිමින් මෙම නව විධිවිධාන සකසා තිබේ.

ඊට අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.

එහෙයින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු තමන්ගේ වැටුප් වර්ධක නතර වු රාජ්‍ය සේවකයින්ට එම වැටුප් වර්ධක ලබා ගැනීමට තිබූ බාධාව එයින් ඉවත්වන බවද ලේකම්වරයා පැවසීය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad