සේනාධිනායකයා වශයෙන් රටේ ආරක්ෂාවට වගකිවයුත්තා වන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට හැකියාව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් අහුරා ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.
ඊට හොඳම උදාහරණය වන්නේ පාස්කු ඉරිදා දින ප්‍රහාර එල්ල වූ බෝම්බ ප්‍රහාරය බව ද ඔහු පැවසීය.
ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිවරයාට සෘජුව ක්‍රියා කිරීමට බලා බලය නැති වීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල වූ බව ද ඔහු පැවසීය.
ජනාධිපතිවරයාට ඉහළින් බලය ලැබෙන සේ පිහිටුවා ඇති කොමිෂන් සභාවල බලතල ලැබීම 19 සංශෝධනයෙන් සිදු වූ ඉතාම භයානක තත්වයක් යයිද ඔහු කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් නිසි දැනුවත්කමක් නැති පිරිසක් 19 වන සංශෝධනය ඉවත් කිරීම මහා අපරාධයක් සේ සලකමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දී පැවති ජනහමුවක් අමතමිනි.
Wednesday, September 2, 2020
ජනාධිපතිට ආරක්‍ෂක ඇමතිමක දරන්න බෑ…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment