දැන් ප්‍රදර්ශනය වන අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට පත් වීමේ නාටකය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 2, 2020

දැන් ප්‍රදර්ශනය වන අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට පත් වීමේ නාටකය

දැන් ප්‍රදර්ශනය වන අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට පත් වීමේ නාටකය

මිගමුව හිටපු බන්ධනාගාර ප්‍රධානි අනුරුද්ධ සම්පයෝ අත්අඩංගුවට පත් වූ ආකාරය සම්බන්ධයෙන් වූ CCTV  දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණය ඉදිරිපත් කළ අතර එහි පිටපත් මාධ්‍ය වෙතට ද ලබා දී තිබිණි.

එම වීඩියෝ පටයට අනුව සම්පයෝ අත්අඩංගුවට පත් වීමේ සිද්ධීන් පෙළ මෙසේය.

අගෝස්තු 02 වැනි දින ප.ව.3.19 - මිගමුව මුලස්ථානය පොලිස් පරීක්ෂකවරයාගේ රථය හා තවත් වෑන් රථයක් කුරුණෑගල මාර්ගයක් අසළ නවතාගෙන සිටීම.

ප.ව.3.29ට රතු පැහැති ඩිස්කවරි ජීප් රථයක් එම වාහන අසළට පැමිණීම.

ඉන් බිමට බසින පුද්ගලයා මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් පිලි ගැනීම. මෙසේ පිළිගනු ලැබුවේ විත්තිකාර අනුරුද්ධ සම්පයෝය.

මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හා සම්පයෝ දෑත් පටලවාගෙන සංවාදයක නියැලීම.

වරෙන්තු ලබා සිටියදී නිදහස්ව හැසිරෙමින් සම්පායෝ ජංගම දුරකතනයෙන් කිසිවෙකු හා සම්බන්ධ වීම. 

ඉන්පසු එම ඇමතුම අසළ සිටින මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලබා දීම.

පොලිස් පරීක්ෂකවරයා දුරකතනයේ රැඳී සිටින පුද්ගලයා සමඟ සිනා සෙමින් සංවාදයක නියැලීම.

එම දුරකථන ඇමතුමෙන් පසු තමන් සමඟ පැමිණි පිරිසට සම්පයෝ අතට අත දී සමුගෙන පොලිස් ජීප් රථයේ පිටුපස අසුනට ගොඩ වීම.

ඒ අතර තුර ඇති වූ සුළු වැස්ස හේතුවෙන් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්පායෝ ඇතුළු පිරිස වාහනය තුළ රැදී සිටීම.

එසේ රැඳී සිටියේ යම් අයෙකු බලාපොරොත්තුවෙන් බව පෙනෙන්නට තිබීම.

එසේ පැමිණ තිබුනේ මාධ්‍යවේදියෙකු වන අතර ඔහු හමුවේ සම්පායෝ ප්‍රකාශයක් කිරීම.

No comments:

Post a Comment

Post Bottom Ad