සුක්ෂම ලෙස හොරාකන රිළවුන් රංචුවක් නිසා හාලිඇල ප්‍රද්ශවාසීන් අසීරුතාවයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

සුක්ෂම ලෙස හොරාකන රිළවුන් රංචුවක් නිසා හාලිඇල ප්‍රද්ශවාසීන් අසීරුතාවයට





ඉතාමත්ම සුක්ෂම ආකාරයෙන් නිවෙස් තුළට දිවා කාලයේ පැමිණ නිවෙස්වල ඇති කිරිපිටි සීනි ත්තේ කොළ පාන් බිස්කට් එළවළු සහ පලතුරු ඇතුළු සියලු දේ සොරකම් කර සූක්ෂම ලෙස පලා යන රිලවුන් රංචුවක් පිළිබඳව  හාලිඇල හා අවට ගම්මාන වලින් වාර්ථා වෙනවා.  ප්‍රදේශවාසීන් කියා සිටියේ මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි.


රිලවුන්  දොරවල් ජනෙල් තුලින් නිවෙස් තුලට පැමිනීම නිසා තමන්ගේ නිවෙස් දොරගුලු ලා තැබීමට නිරතුරුවම සිදුව ඇති බවයි ඔහුන් වැඩිදුරටත් කියා සිටියේ.


දැනට වසරක පමණ කාලයක සිට මෙම රිලව් රංචුව මෙම ප්‍රදේශය තුළ සැරිසරමින් ගොවීන් වගා කරන ලද වගාවන්ට ද හානි පමුණුවනවා.


 මොවුන් නගරයට පැමිණීමට හේතුව අවට ඇති ලදු කැලෑ එළිපෙහෙළි කිරීම සහ කැලෑ ගිනි තැබීම බවයි පරිසරවේදීන් පවසන්නේ.


 කොසේ වෙතත් ප්‍රදේශවාසීන් බලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම රිලවු රංචුව මෙම ස්ථානයේ මුදා ගොස් වනයට මුදා හරින ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad