කුඹුක්කන් ඔයේ පාලම අසලින් මතු වූ මිලිමීටර් අසූඑක වර්ගයේ මෝටාර් උණ්ඩය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

කුඹුක්කන් ඔයේ පාලම අසලින් මතු වූ මිලිමීටර් අසූඑක වර්ගයේ මෝටාර් උණ්ඩය



මොනරාගල කුඹුක්කන කුඹුක්කන් ඔයේ පාලම ආසන්නයේ ඔය තුල තිබී මෝටර් උණ්ඩයක් මොනරාගල මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (8) පස්වරුවේ දී සොයා ගෙන තිබේ.

කුඹුක්කන් ඔයේ වැලි ගොඩදමමින් සිටි පුද්ගලයන් පිරිසක් විසින් මෙම මෝටර් උණ්ඩය දැක පසුව ඔවුන් මොනරාගල පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

ඉන් අනතුරුව මොනරාගල පොලිසිය විසින් එම ස්ථානයට පැමිණ විමර්ශනයක් ආරම්භ කල අතර එම මෝටර් උණ්ඩය මිලිමීටර් අසූඑක වර්ගයේ ජීව මෝටර් උණ්ඩයක් බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති බව මොනරාගල පොලිසිය පැවසීය.

මෙම මෝටර් උණ්ඩය සම්බන්ධයෙන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් අධිකරණ නියෝගයක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (9) මෙම මෝටර් උණ්ඩය නිෂ්ක්‍රිය කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොනරාගල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad