එජාපයේ නායකත්වයට සිහින දකින දෙදෙනෙක් හැලෙති… ඉදිරි මාස 3 සදහා නියෝජ්‍ය නායකයෙක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

එජාපයේ නායකත්වයට සිහින දකින දෙදෙනෙක් හැලෙති… ඉදිරි මාස 3 සදහා නියෝජ්‍ය නායකයෙක් !

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලාපො​රොත්තුවෙන් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනා සමග පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (08 වැනිදා) පැවැත්වීමට යොදාගත් සාකච්ඡාවට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ වජිර අබේවර්ධන නොපැමිණි බව වාර්තා වෙයි.

එම සාකච්ඡාවට සභභාගි වූයේ රවි කරුණානායක, නවීන් දිසානායක, රුවන් විජයවර්ධන සහ අර්ජුන රණතුංග යන හිටපු මන්ත්‍රීවරුන් පමණි. එහෙයින් ඔවුන් හතර දෙනාට එකතුව සාකච්ඡාවක් පවත්වන ලෙස දන්වා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් පිටව ගොස් ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ඊයේ (08 වැනිදා) රාත්‍රියේ පැවැත්විණි. එහි දී ඉදිරි මාස තුන සඳහා නියෝජ්‍ය නායකවරයකු පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. 

දෙසැම්බර් මස 31 වැනි දින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් වූ පසු ජනවාරි මාසයේ සිට නියෝජ්‍ය නායකයාට පක්ෂ නායකත්වයට පත් විය හැකි බව එම යෝජනාවේ සඳහන් වී ඇතැයි වාර්තා වෙයි. 

කෙසේ වෙතත් මේ සියලු යෝජනා මීළඟ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් පසු අවසන් තීරණයක් ගත හැකි බව පක්ෂ නායකත්වය දැනුම් දී ඇත 


No comments:

Post a Comment

Post Bottom Ad