මහින්ද දෙමල ඊළම දුන්නත් සිංහලයන් කිසිවක් කියන්නේ නෑ.. ජාතික ප‍්‍රශ්ණයට විසදුමක් දිය හැක්කේ ඔහුටයි - මනෝ ගනේෂන් අලුත් පීල්ලකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

මහින්ද දෙමල ඊළම දුන්නත් සිංහලයන් කිසිවක් කියන්නේ නෑ.. ජාතික ප‍්‍රශ්ණයට විසදුමක් දිය හැක්කේ ඔහුටයි - මනෝ ගනේෂන් අලුත් පීල්ලකට

හින්ද රාජපක්ෂ මහතා විසින් දෙමල ඊළාම් රාජ්‍යයක් උතුරු නැගෙනහිරට ලබා දුන්නද සිංහල ජනතාව ඊට විරුද්ධ නොවී නිහඬව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඊට හේතුව සිංහල ජනතාවගේ විශ්වාසය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැඩිව දිනා ගෙන තිබීම යැයි ද ඔහු පැවසීය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා වෙනම ප්‍රාදේශීය සභාවක් හෝ ලබා දුන්නොත් රට විකිණුවේ යයි සිංහල සමාජයෙන් එල්ල වන බවද ඔහු කියා සිටියේය.

එනිසා ජාතික ප්‍රශ්නයට විසඳුමක් විය ලබා දිය හැකි නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු පැවසුවේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad