බදියුදීන්ගේ පක්‍ෂයේ කිහිප දෙනෙකු ආණ්ඩුවට ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

බදියුදීන්ගේ පක්‍ෂයේ කිහිප දෙනෙකු ආණ්ඩුවට ?

මගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුව තුළට එවීමේ හැකියාවක් ඇති බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව තුළට එම පිරිස් එවීම මගින් අන්තවාදි බලවේගවලට හැසිරවිය හැකියාවක් ඇතිවන බවයි.

බදුර්දීන්ගේ පක්ෂයේ ස්වාධීන වන බවට කියන පිරිසක් යොදා මෙම සැලැස්ම ක්‍රියාත්මක කළ හැකි යැයි ද ඔහු සඳහන් කළේය.

අන්තවාදී බලවේගයන්ට තවදුරටත් රිෂාඩ් බදුදීන් භාවිතා කිරීමට නොහැකි වීම නිසා ආණ්ඩුවට ලංවිම සඳහා සූක්ෂම උපායන් තෝරමින් සිටින බවද වසන්ත බණ්ඩාර මහතා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කර ගත්තේ ගුවන්විදුලි නාළිකාවක් සමඟ අදහස් පල කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad