කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 1.00ට සැප්තැම්බර් මාසය සඳහා පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්විමට නියමිතය.
අද දිනයේදී සභාව කල් තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ෂික, වාර්තාව මුදල් අමාත්‍යාංශයේ කාර්යය සාධක වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
අද දිනයේ සිට ලබන 11 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී දැනට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතය.
අභියාචනාධිකරණ තීන්දුවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාව අද දිනයේ පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේය.
අද දිනයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා 28ක් සඳහා නියෝජිතයින් පත් කිරීම ද සිදුකිරීමට නියමිතය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පෙරවරු 11.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතා සඳහන් කළේය.
No comments:
Post a Comment