චොකා මල්ලි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස අද දිවුරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

චොකා මල්ලි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස අද දිවුරයි

ත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ප්‍රේමලාල් ජයසේකරගේ හෙවත් චොකා මල්ලි අද දිනයේ පටන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර හිමිවෙයි.

අභියාචනාධිකරණය විසින් ඊයේ දිනයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නිකුත් කළ නියෝගය මත අද ඔහු පාර්ලිමේන්තුවට කැඳවා ගැනීමට නියමිතය.

ඒ අනුව ඔහු අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇත.

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රේමලාල් ජයසේකර පසුගිය මහ මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

තමනට ලබා දුන් තීන්දුවට එරෙහිව ඔහු අභියාචනයක් ගොනු කර ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad