ඇමති බන්දුලගෙන් 70ට පොල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 18, 2020

ඇමති බන්දුලගෙන් 70ට පොල්

ඇමති බන්දුලගෙන් 70ට පොල්

පොල් සංවර්ධන මණ්ඩලය සමග එක්ව ජංගම අලෙවි රථ මගින් පොල් ගෙඩිය රුපියල් 70.00කට අද (18) සිට අලෙවි කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

 ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (17) හෝමාගමදීය.

අයහපත් කාලගුණය හේතුවෙන් පොල් නිෂ්පාදන විශාල ලෙස පහත වැටී ඇතැයි කී ඇමැතිවරයා ඒ හේතුවෙන් පොල් මිල තරමක් ඉහළ ගොස් ඇති බව කියයි.

‘රටේ බඩුමිල අඩු කරන්න ප්‍රාතිහාර්ය විසඳුම් නැහැ. වෙළෙඳ ඇමැතිවරයාත් ලෝකේ එක සත්වයෙක් පමණයි. මුළු ලෝකෙම වරායවල් වහනකොට ගුවන්තොටුපොළවල් වහනකොට ලංකාවේ බඩුමිල ඉහළ යනවා. බඩු මිල ඉහළ යනවා කියලා අනිත් රටවල්වල ගුවන්තොටුපොළවල් වරායවල් අරින්න ලංකාවේ වෙළෙඳ ඇමැතිට බැහැ.’ යැයි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *