ශ‍්‍රී ලංකාව ජිනීවා මානම හිමිකම් කොමිසමෙන් ඉවත් වෙන්න සූදානම්.. මුල් යෝජනාව ඉවත් කර ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 18, 2020

ශ‍්‍රී ලංකාව ජිනීවා මානම හිමිකම් කොමිසමෙන් ඉවත් වෙන්න සූදානම්.. මුල් යෝජනාව ඉවත් කර ගනී

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත.

කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ දිගින් දිගටම කොමසම විසින් ශ්‍රී ලංකාවට අභූත චෝදනා නගන්නේ නම් එවැනි කොමිසමක රැඳී සිටීම තවදුරටත් ඵලදායක නොවන බවයි.

ඊයේ දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගියදා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 30-1 යෝජනාව ඉවත් කරගැනීමට පියවර ගත්තේ කවුන්සලයේ ඉවත් වීමට අදාළ මූලික පියවරක් වශයෙන් බවත් ඒ මහතා පැවසීය.

මානය හිමිකම් කවුන්සිලය පෙර ලෙසම විවිධ අභූත චෝදනා එල්ල කළද ශ්‍රී ලංකාව රටක් ලෙස ඊට යටත්වීමට සූදානම් නැතැයිද ඇමැතිවරයා තව දුරටත් කියා සිටියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *