20 ගැන සෙවීමට ශ්‍රීලනිපයෙන් කමිටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 29, 2020

20 ගැන සෙවීමට ශ්‍රීලනිපයෙන් කමිටුවක්

20 ගැන සෙවීමට ශ්‍රීලනිපයෙන් කමිටුවක්

යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යයනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කළ කමිටුවේ සාමාජිකයින් නම්කර තිබේ.

සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් එම කමිටුවේ සභාපති වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ය.

මෙම කමිටුවේ අනෙක් සමාජිකයින් වන්නේ,

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

අමාත්‍ය මහින්ද අමරවීර

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා

හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා

පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත

නීතිඥ සංජය ගමගේ

ආචාර්ය චමිල ලියනගේ

මෙම කමිටුවේ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව පක්ෂයේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති කමිටුව වෙත ඉදිරියේ දී භාරදීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad