පාසල්වල ගුරු පුරප්පාඩු 15,000ක්? බරපතළ අර්බුදයක් ගැන ගුරු සංගමයෙන් රතු එළියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 29, 2020

පාසල්වල ගුරු පුරප්පාඩු 15,000ක්? බරපතළ අර්බුදයක් ගැන ගුරු සංගමයෙන් රතු එළියක්

පාසල්වල ගුරු පුරප්පාඩු 15,000ක්? බරපතළ අර්බුදයක් ගැන ගුරු සංගමයෙන් රතු එළියක්

දිවයින පුරා පාසල්වල ගුරු පුරප්පාඩු 15,000 ක් පමණ පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.

පාසල් ‍ළමුන් සහ ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් සිටින ගුරුවරුන් ද මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසූවේ, 

“මේ පුරප්පාඩු නිසා පැහැදිලිවම ළමයට ගුරුවරයෙක් නෑ වගේම, ගුරු මාරු අපේක්ෂා කරන දුෂ්කර සේවාවල යෙදෙන ගුරුවරුන්ට අනුප්‍රාප්තිකයෙක් නොමැතිකමින්  ස්ථාන මාරු නිර්දේශ වී තිබුණත් ඔවුන්ට ස්ථානමාරු වීම් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙය බරපතළ අර්බුදකාරී තත්ත්වයක්. දැනටමත් ජාතික අධ්‍යාපන පීඨ 19 න් ගුරුවරු 5000කට ආසන්න ප්‍රමාණයක් එළියට ඇවිත් තියෙනවා. ඒ අය පාඨමාලා අවසන් කර තිබුණත් ඔවුන්ට පත්වීම් දීලා නැහැ. පාසල් උපදේශන සඳහා ගුරුවරු බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණ තියලා විභාග තියලා සුදානම් කරලා නාමලේඛන තියලා 2000කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ අයටත් පත්වීම් දීලා නැහැ. ඒ නිසා රජයෙන් ඉල්ලනවා වහාම ගුරු පුරප්පාඩු පියවන්න කියලා.“ යනුවෙන් පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad