20ට වෙච්ච දෙයක් නෑ - කැබිනට් මණ්ඩලයට විස්සේ කමිටු වාර්තාව ඉදිරිපත් කර නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 17, 2020

20ට වෙච්ච දෙයක් නෑ - කැබිනට් මණ්ඩලයට විස්සේ කමිටු වාර්තාව ඉදිරිපත් කර නෑ

20ට වෙච්ච දෙයක් නෑ - කැබිනට් මණ්ඩලයට විස්සේ කමිටු වාර්තාව ඉදිරිපත් කර නෑ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ(16) රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත ගැසට් කර අදට දින 15 ක් ගතවන බැවින් අද (17) සිට ඕනෑම දිනකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකිය.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අඩු පාඩු සොයා බලා වාර්තාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්කළ කමිටුව පෙරේදා සිය නිරීක්ෂණ සහ නිගමන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

එය ඊයේ අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *