විදුහල්පතිවරුන්ට රතු එළියක් - ජනාධිපති ලේකම්ගෙන් විදුහල්පතිවරුන්ට නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 17, 2020

විදුහල්පතිවරුන්ට රතු එළියක් - ජනාධිපති ලේකම්ගෙන් විදුහල්පතිවරුන්ට නියෝගයක්

විදුහල්පතිවරුන්ට රතු එළියක් - ජනාධිපති ලේකම්ගෙන් විදුහල්පතිවරුන්ට නියෝගයක්

ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළිව ප්‍රතික්ෂේප කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යවරයාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම්දෙනා පෙළඹී සිටිනි බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර වී ඇති බවය.

විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතු බවත් ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ නියමය කඩකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad