එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය සමාගම් විගණනයට රජයේ ඇතමුන් දැඩිව විරුද්ධ වී ඇත්තේ හොරකමට ඉඩ දීමට නොව එම් සී සී ගිවිසුම අනුව ‘එම්සීසී ශ්‍රී ලංකා’ නමින් පිහිටුවීමට නියමිත සමාගමට ඉඩ දීම සඳහා බවයි.
මෙම සමාගම ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගමක් බවත් යෝජිත ගිවිසුම අනුව එම සමාගම ශ්‍රී ලංකා නීතිය යටතේ විගණනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මෙරට සමාගම් විගණනය කළයුතු යැයි ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ඇති කළහොත් එම සමාගමට විරුද්ධව මහජනයාට අධිකරණයට යාමට හැකියාවක් ලැබෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:
Post a Comment