20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 10ට වැඩි පිරිසක් පනී ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 10ට වැඩි පිරිසක් පනී ?

20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සදහා විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටිතැයි ආරංචි මාර්ග පවසයි.

සුලු ජාතික පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් වැඩි දෙනෙක් සහිතව 10කට වැඩි පිරිසක් මෙසේ එම යෝජනාවට සහාය දැක්වීමට කැමැත්තෙන් පසුවන්නේ යයි වාර්තා වෙයි.

ඊට අදාල ඡන්ද විමසීමේදී අවශ්‍ය 2/3 බලය අහිමි වීමක් සිදුවන්නේ නම් එය සපුරමින් මෙම පිරිස ඡුන්දය දෙනු ඇතැයිද සදහන්ය.

දැනටමත් 20 වන සංශෝධනය සම්බන්දයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරන පක්‍ෂ දරන ස්ථාවරයනහි යම්් පරස්පරතා ඇතිව තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad