බිත්තර සුදුමදය තවරාගෙන පිලිස්සුනා යැයි කියමින් සිඟමනේ යාචක යුවළ රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

බිත්තර සුදුමදය තවරාගෙන පිලිස්සුනා යැයි කියමින් සිඟමනේ යාචක යුවළ රිමාන්ඩ්

වෑන් රථයකින් අනුරාධපුර නගරයට යෑවූවා
කොළඹ බාබර් වීදියේ පදිංචි අය

ශරීරය පිළිස්‌සුන ආකාරයට බිත්තර සුදුමදය ශරීරය පුරා තවරාගෙන කැකිරාව නගරයේ සිඟමන් යදිමින් සිටි යාචක යුවළක්‌ කැකිරාව පොලිසිය මගින් පෙරේදා (03 දා) හවස අත්අඩංගුවට ගෙන තිබේ.


සංවිධානාත්මක කල්ලියක්‌ විසින් මොවුන් මෙහෙයවන බව අනාවරණය වී තිබේ. තවත් මෙවැනිම පිරිසක්‌ වෑන් රථයකින් අනුරාධපුර නගරයට යෑවූ බව අත්අඩංගුවට ගත් යාචකයන් දෙදෙනා පවසා තිබේ.

අත්අඩංගුවට ගත් කොළඹ බාබර් වීදියේ පදිංචි මොහොමඩ් ඉක්‌බාල් (43) සහ තුෂාරි දමයන්ති (43) යන සැකකරුවන් කැකිරාව දිසා මහෙස්‌ත්‍රාත් නිලන්ත විමලවීර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad