කොඩියේ මන්ත‍්‍රීකමට ඥාණසාර හිමිගේ පාර්ශවය නඩු දමයි.. රතන හිමිටත් චෝදනා ගොනු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 4, 2020

කොඩියේ මන්ත‍්‍රීකමට ඥාණසාර හිමිගේ පාර්ශවය නඩු දමයි.. රතන හිමිටත් චෝදනා ගොනු කරයි

පේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය, පක්ෂයේ ඒකමතික අනුමැතියට අනුව ගැසට් නොකිරීමට එරෙහිව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ජන බල පක්ෂය විසින් රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර අැත. පැමිණිලි කාර පාර්ශවය ලෙස අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා, අපේ ජන බල පක්ෂයේ ප්‍රධාන ලේකම් නිශාන්ත රත්නායක, අපේ ජන බල පක්ෂය මෙම පෙත්සම් දෙක ගොනු කරන ලදි.

මෙම පෙත්සම් දෙකෙහි වගඋත්තර පාර්ශවයන් ලෙස මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික නලින් අඹේසේකර, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් යන මහත්වරුන් ද මැතිවරණ කොමිසන් සභාව ද අපේ ජන බල පක්ෂයේ හිටපු තාවකාලික ලේකම් පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි, නීතිපති තුමා ද නම් කර ඇත.

– එරන්ද කේ නවරත්න


No comments:

Post a Comment

Post Bottom Ad